මවට වද දුන් මිත්තණිය, මුණුපුරා විසින් ඝාතනය කරලා

සිය මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර, ඇයගේ සිරුර කැළයක් වෙත ඇදගෙන ගොස් දැමූ බව කියන 24 හැවිරිදි මුණුපුරෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ තැනැත්තිය බදුරලිය, හැඩිගල්ල ජනපදය, බොල්ලුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව සැකකරු පදිංචි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් තම මවට කරදර කරන බව පවසා සැකකාර මුණුපුරා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ කාන්තාව රෝහල් ගතව සිට ඊයේ (26) දින නිවසට පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය ඇත්තේ.

මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානය කර නිවසට පැමිණ තිබූ සැකකරු නිවස තුළ සිටි මිත්තණියට පිහියකින් පහර දී අනතුරුව අසල කැළයක් වෙත ඇදගෙන ගොස් දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය ද පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14