මවගේත් අයියලා දෙන්නාගෙත් මීනිවලට යටවී බේරුණු අත දරුවාගේ කතාව

1996 එක මූසල රැයක ලේ පිපාසිත එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන් පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාරු ගම්මානයට පහර දුන්නා.එකම පවුලේ අට දෙනෙකු ඇතුළු 14 දෙනෙක් ඒ කොටි ප්‍රහාරයෙන් මිය ගියා.නමුත් කොටින් විසින් අමු අමුවේ ඝාතනය කල පිරිස අතර මාස එක හමාරක් වයසැති පුංචි බිළිදෙකු නිරුපද්‍රිතව එම දරුවාගේ සීයා විසින් සොයා ගන්නවා.මියගිය කිරිකැටියා කොටින් පහර දීමට පැමිණෙන අවස්ථාවේ මවගේ ඇකයේ කිරි උරිබොමින් ඉඳලා තියෙන්නේ.මේ පුංචි බිළිදා මියගිය මවගේ හා ඔහුගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනාගේ සිරුරු වලට යට වී සිටි නිසා ලේ පිපාසිතයින්ට එම දරුවා හසු වී නෑ.දරුවාගේ ආබාධිත සීයාත් මැරුණු කෙනෙකු ලෙස වැටී සි‍ටි නිසා ඔහුත් ත්‍රස්තවාදීන්ගෙන් බේරී තිබෙනවා.

කොටි පහරදීලා ගියාට පස්සේ සීයා විසින් බේරා ගත් දරුවා දිනේෂ් අකලංක. මේ දරුවගේ සීයාවුනු සෝමපාල තමන් ඇඳගෙන හිටපු සරම ගලවලා මාස 1 1/2ක් වයස අකලංක ඒ තුළ දමාගෙන හතරකොන් ගැට ගසා එය කටින් හපාගෙන කිහිලිකරු ආධාරයෙන් කොටින්ගේ වෙඩි හඬ මැද්දේ යට ඇඳුම පිටින් කළුවරේ යද්දි සරමේ දමා කටින් එල්ලාගෙන ගිය අකලංකව දිය කඩිත්තකට වැටී තිබෙනවා. ඒ දිය කඩිත්තෙන් ගොඩට අරගෙන ඇවිත් තමා අකලංකව එදා බේරාගෙන තියෙන්නේ.ඊට පස්සේ අකලංකට අම්මා උනේ ගමේ ජේන් මටිල්ඩා මහත්මිය ඇය තමාගේ සැමියා වු චන්ද්‍රසේන මහතා හා එක්ව කුඩා අකලංකව ආදරයෙන් හදා වඩා ගන්නවා..

අරුවක්කාරු රජයේ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අකලංක වනාතවිල්ලුවට බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ ද ඉගෙනුම ලබමින් සිටියදී එවකට මාදම්පේ සේනානායක ජාතික පාසල් සේවය කළ ජාතික වොලිබෝල් පුහුණුකරුවකු වූ චාල්ස් තිලකරත්න මහතා අකලංකගේ දක්ෂතා ගැන දැනගෙන ඔහුව සේනානායක ජාතික පාසලට කැඳවාගෙන පැමිණ ඇත.චාල්ස් තිලකරත්න මහතා යටතේ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රගුණ කළ අකලංක ඩී.එස්.අයි. වොලිබෝල් ක්‍රීඩා තරගවලදී දිවයින්නේ දක්ෂතම ප්‍රහාරකයා ලෙස රන් පදක්කම ද දිනා තිබේ.

අද වනවිට අකලංක 25 හැවිරිදි වියේ පසුවන ජවසම්පන්න තරුණයෙක්. මේ වන විට ඔහු සාමාන්‍ය සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ නොච්චියාගම කඳවුරේ සේවය කරන වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකයෙකි. අකලංක මේ වනවිට විවාහ ගිවිස ගෙන සිටී. ඔහුගේ මනාලිය මිනුවන්ගොඩ බඩල්ගම පදිංචි අනුරාධා සඳරේඛා ය. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මීගමුව කොච්චිකඩේ ශාඛාවේ රසායනාගාරයක සේවය කරයි.

අකලංක අද ඉන්න තැන ගැන අපි දෙන්නා හරියට සතුටු වෙනවා. ඒ වගේම අකලංක අදටත් අපිට හරිම ආදරෙයි. අපිව රැකබලාගන්නේ ඔහු. පුතාට හොඳ බිරිඳක් මේ වෙනකොට ලැබි තිබෙනවා. ඒ ගැනත් ලොකු සතුටක් අපිට තිබෙනවා” ඒ විදිහට මේ කතාව අපිට කීවේ කව්රුත් නැතුව අසරණ වූ පුංචි අකලංකට අම්මා වූ 76 හැවිරිදි ජේන් මැටිල්ඩා මහත්මියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25