මරණ තර්ජන එල්ල කරමින් පාට් දැමූ රත්වත්තේ නඩුව කැඳවීමට දින දෙයි

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ලබන මාර්තු මස 20 වැනිදා විභාගයට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (09) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවන බව කියමින් සමථයක් ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දුන්න ද නඩුව කැඳවූ අවස්ථාවේ දී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම මත ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවු අවස්ථාවේ දී නොතීසි නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18