spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම විද ගත්ත එන්නතක් නෑ – කෑගල්ලේ ධම්මික බණ්ඩාර

මම විද ගත්ත එන්නතක් නෑ.මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. ඒක මට මඩ ගහන්න කල දෙයක්. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රවෘත්තියක්. එය මට කෙණෙහිලිකම් කරන අයගේ වැඩක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ප්‍රකාශ කරයි.

“මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ජායාරූපය හදලා” යැයි ඔහු ප්‍රකාශකර සිටියා. එමෙන්ම මෙම ඵන්නත ගැන තමාට විශ්වාසයක් නැති බවයි ඔහු පවසන්නේ.

ඔහු වැඩිදුරටත් පවසමින් කියා සිටියේ,

” මෙය දෙස හොඳින් බලන අයකුට පෙනෙනවා බද්ධ කර තිබෙන ජායාරූපයක් බව. මම බෙහෙත් හදන්න පටන් ගත් දවසේ සිටම මට එරෙහිව ඔය මඩ ප‍්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා. මෙම බෙහෙත් නිෂ්පාදනය දිගටම කරගෙන යනවා. මේක නවත්වන්න ඔය කාටවත් බැහැ. දිනපතා විශාල පිරිසක් බෙහෙත ගැනීමට නිවසට පැමිණෙනවා. මේ විකෘති කළ ඡායාරූපය සම්බන්ධව නීති මගින් කටයුතූ කරන්න පුළුවන් ද කියා මම සොයා බලනවා” යැයි ද ඔහු පැවසීය.

සත්‍ය ජායාරූපය

Captu

අසත්‍ය ජායාරූපය

Capture 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?