මන්නාරමේ හා මුලතිව් ධාවනය වෙමින් තිබු කුඩා ලොරියක් හා යතුරු පැදියක් හදිස්සියේ ගිනිගනී

මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරි රථයක් හදිසියේ ගිනි ගෙන විනාශවී ගොස් ඇති බව මුරුන්ගන් පොලිසිය සදහන් කරනවා.

මන්නාරම සිසේයිමලේතිව් ප්‍රදේශයේදී මෙම කුඩා ලොරි රථය ධාවනය වෙමින්තිබියදී ගිනි ගෙන තිබේ.

එහිදී රියදුරා හා රිය සහයකයා ලොරියෙන් ඉවත්ව ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ට අනතුරක් සිදුව නොමැත. සිද්දිය සම්බන්ධයෙන් මුරුන්ගන් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

එමෙන්ම මුලතිව් ඔට්ටුසුටාන් ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබු යතුරුපැදියක්ද හදිසියේ ගිනිගෙන මුළුමනින්ම විනාශවී ගොස තිබේ. යතුරුපැදියේ මව හා පුත්‍රයා ගමන්කරමින් සිට ඇති අතර ඔවුන්ද යතුරුපැදිය ගිනි ගත අවස්ථාවේදීම ඉන් ඉවත්ව තිබු හෙයින් අනතුරක් සිදුව නොමත.