spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී හිරුණිකාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

2015 වසරේ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සී.සී.ටී.වී. දර්ශනවලට අදාළ සාක්ෂි විමසීම කොළඹ මහාධිකරණය හමුවේ මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ යි නඩු විභාගය පැවැත්වෙන්නේ.

එහිදී නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන සී.සී.ටී.වී වීඩියෝ පට අධිකරණය හමුවේ ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීමක් සිදු කරනු ලබනවා.

නඩු විභාගය තවදුරටත් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?