මන්ත්‍රී සුජීවට අපහාස වන ආකාරයේ වීඩියෝ ප්‍රචාරයට පනවා තිබූ ආඥාව තවදුරටත් දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාස වන ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කිරීම වළක්වාලමින් පෙර නඩු වාරයේදී නිකුත් කර තිබූ කොන්දේසි සහිත ආඥාව තවදුරටත් දීර්ඝ කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝගයක් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දේශාන් අලුවිහාරේ මහතා විසින් සිද්ධියට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය විසින් එසේ නියෝග කළා බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

යූටියුබ් නාලිකාවක හිමිකරුවකු හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ගූගල් සමාගම ඇතුළු තිදෙනකු මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් වන අතර ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා පෙර නඩු වාරයේ දී නොතීසි නිකුත් කර තිබු නමුත් අද දින ඔවුන් අධිකරණයේ පෙනී නොසිටියා.

පළමුවන සහ තුන්වන වගඋත්තරකරුවන් සඳහා කොන්දේසි සහිත ආඥාව ඊමේල් පද්ධතිය හරහා යොමු කළ ඇති බවත් දෙවන වග උත්තරකරුට යවන ලද ඊමේල් පණිවිඩය නොලැබීම සම්බන්ධයෙන් තාක්ෂණික ගැටළු පවතී ද යන්න සොයා බලන ලෙස ද මහේස්ත්‍රාත්වරිය එහිදී අධිකරණය රෙජිස්ටාර්වරයාට දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ දේශපාලන සරණාගාතයෙකු වශයෙන් ස්විස්ටර්ලන්තයේ රැඳී සිටින එකී යූටියුබ් නාලිකාව හිමිකරු මෙහෙය වන වැඩසටහනක් හරහා පැමිණිලිකාර මන්ත්‍රීවරයාට අපහාසයක් වන ආකාරයේ වීඩියෝ දර්ශන සමාජගත කර ඇති බවයි.

මෙම නාලිකාව හිමි පුද්ගලයා සිය යූ ටියුබ් නාලිකාව උපයෝගී කරගනිමින් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු හෙළිදරව් කරමින් විවිධ අපහාසයන් සිදු කරන බව ද ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණයට දැන්වූවා.

පැමිණිලිකාර සුජීව සේනසිංහ මහතාගේ නිවසේ අවි ආයුධ මෙන්ම ගංජා ඇති බවත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර වාහනයක් ලියාපදිංචි කර ඇති බවත්, සී.අයි.ඩී ලොක්කාට රුපියල් කෝටි තුනක් ලබා දී එම වාහන සිද්ධිය යට ගැසීමට ඔහු කටයුතු කර ඇති බව ඇතුළු අසත්‍යය තොරතුරු එම යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කර ඇති බව ද නීතිඥවරයා සඳහන් කළා.

එම යූ ටියුබ් නාලිකාව 92,600ක අධික ග්‍රාහක පිරිසක් නරඹා ඇති බවත් එකම අවස්ථාවක තොරතුරු රැසක් එම නාලිකාව හරහා මුදා හරින බව ද නීතිඥවරයා පැවසුවා.

මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතුවෙන් පැමිණිලිකාර මන්ත්‍රීවරයා මානසික වශයෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් සුජීව සේනසිංහ මහතාගේ ජීවිතයට දැඩි අනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන තම සේවාදායකයාගේ චරිතයට හානි කරමින් සිදු කරමින් පවතින එම අසත්‍ය තොරතුරු ප්‍රචාර කිරීම වළක්වාලන කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙස හා අදාළ වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස පැමිණිලිකාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ පෙර නඩු දිනයකදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 11 වන දින තෙක් කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25