මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් විදේශ අමාත්‍යාංශයට උපදෙසක්

විදේශ ආයෝජනයන්ට හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට බාධා වන ගැටලු හා නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අදාළ සියලු පාර්ශව සමග සම්බන්ධිකරණයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඇතුළු අදාළ සියලුම ආයතනවලින් සමන්විතව මෙම විධිමත් යාන්ත්‍රණය සකස් කරන ලෙසටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

විදේශ තානාපති කාර්යාලවල කටයුතු කරගෙන යාමේදී මතුවන ගැටලු විසඳීමට අවශ්‍ය සහය ලබාගැනීම සඳහා මෙම ආයතන ඒකාබද්ධව ගොඩ නගන ක්‍රියාකාරී කමිටුවට හැකියාව ලැබෙන බව සභාපතිවරයා අවධාරණය කළා. එමෙන්ම ආයෝජකයන් මෙරට ආයෝජනයට දක්වන කැමැත්ත හා එසේ ආයෝජනය කිරීම් ප්‍රතික්ෂේප කර ඇත්නම් ඒවාට හේතු මොනවා ද යන්න කරුණු දක්වමින් විදේශ ආයෝජනවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙසටයි කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

බ්‍රික්ස් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම පිළිබඳව අන්තර් අමාත්‍ය කමිටුවක් (Inter-Ministerial Committee) පිහිටුවීමට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ජා කෙරුණා. ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම පිළිබඳව අන්තර් අමාත්‍ය කමිටුවක් පිහිටුවීම සඳහා කාරක සභාවේ නිර්දේශය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසු එය කැබිනට් අනුමැතියට යොමු කිරීමට සුදානම් බවයි විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් සඳහන් කළේ.

මේ අතර වාණිජ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සිදුවන කාර්යයන් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ජා වුණා. එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ මානව සම්පතේ පවතින අඩු පාඩු හේතුවෙන් තම කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කරගෙන යාම සඳහා සීමාවාසිකයින් බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඔහු පෙන්වා දුන්නේ විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක හිඟය සඳහා මෙම ස්වේච්ජා සීමාවාසිකයින් සම්බන්ධ කරගනිමින් අදාළ රාජකාරිමය කටයුතු සිදු කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25