spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී අසුනක් හිස්වූ බවට මැතිවරණ කොමිසමට දන්වයි

චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා.

බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ.

චමින්ද විජේසිරි මහතාගේ ලිපියට අනුව ඉල්ලා අස්වීම 2024 ජනවාරි 09 වැනිදා සිට බලපැවැත්වෙන බව ද මහ ලේකම්වරිය දන්වා තිබෙනවා.

ඒ අනුව, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බවටයි මහ‍ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?