මද්දුමබණ්ඩාරගේ සහ ජී. එල්.ගේ පෙත්සම්වලට දින දෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ඒ . එච්.එම්.ඩී.නවාස් සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසයි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, එහි මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදල තුළ වැඩ කරන ජනතාවගේ මිලියන 2.5ක පමණ සක්‍රීය ගිණුම් පවතින බවයි.

එම අරමුදල තුළ පවතින සාමාජික මුදල් විශාල ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් යනාදියේ ආයෝජනය කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ එවැනි ආයෝජන සඳහා රජය විසින් ගෙවනු ලබන පොලී අනුපාත සියයට 9 දක්වා පහත හෙළීමට කටයුතු කර තිබෙන බවත් මේ තුළින් එම අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ආකාරයෙන් අඩුවන බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවසර ලබාදීමට පෙර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් ගෙන් විමසීමක් සිදු නොකළ බවත් එය බරපතළ නීති විරෝධී ක්‍රියාවක් බවත් පෙත්සම්කරුවන් පවසනවා.

මෙම ක්‍රියාව තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමිනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17