මත්පැන් සාදයක් වටලා කාන්තාවක් ඇතුළු 17ක් අත්අඩංගුවේ

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.ඒ හබරණ ප්‍රදේශයේ සංවිධානයකර තිබූ මත්පැන් සාදයක් වැටලීමෙන් පසුවයි. මෙම සාදය පවත්වා ඇත්තේ හරබණ වැව් ඉස්මත්තේ පිහිටි ලැඟුම්හලකයි. මෙම පිරිස ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර ඇති බව අනාවරණය වී ඇත. හබරණ පොලිස් කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරීන්ට හා විශේෂ කාර්යාංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව කුරැණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර අත්අඩංගුවට ගැනුණු  පිරිමි පුද්ගලයින් 16 දෙනා හබරණ, කැකිරාව, ත්‍රිකුණාමලය, මාතර හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 22-28 වයස් සීමාවල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.මෙම පිරිස අද (22) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted