මත්පැන් ජාවාරම්කරුට අධිකරණයෙන් අපූරු දඬුවමක්

පසඟ පිහිටුවා විහාරාධිපති හිමියන්ගෙන් විවෘත අධිකරණයේ දී සමාව ගෙන සෑම දිනකම බුද්ධ පූජාවට පෙර විහාරස්ථානය සුද්ද පවිත්‍ර කරන ලෙස ද හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මත්පැන් ජාවාරම්කරුවෙකු ට නියෝග කර තිබෙනවා.

සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරින ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩු කටයුත්තෙන් අනතුරුව සතියක කාලයක් අඟුරුවාතොට පොලිසියේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

මෙම නියෝග ලබාදී ඇත්තේ අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ මත්පැන් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකුටයි.

විහාරස්ථාන භූමියකට යාබද ඉඩමේ පදිංචි මත්පැන් ජාවාරම්කරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර මත්පැන් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම වැටලීම සිදු කර ඇත්තේ විහාරාධිපති හිමියන් පොලිසියට ඔත්තු ලබාදීමෙන් යැයි සැක කළ මෙම පුද්ගලයා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුගේ එම ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයේ අවධානය යොමු කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් එම නියෝගය අනුව සැකකරු විවෘත අධිකරණයේ දී විහාරාධිපති හිමියන්ට නමස්කාර කළ අතර ඒ පිළිබද දැඩි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා පසඟ පිහිටුවා වඳින ආකාරය සම්බන්ධයෙන් ද සැකකරු දැනුවත් කරන ලෙසටයි පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත්තේ.

ඒ අනුව එම ඉරියව්ව සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් සැකකරු දැනුම්වත් කිරීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ට පසඟ පිහිටුවා නමස්කාර කිරීමට සැකකරු කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14