spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් ජාවාරම්කරුට අධිකරණයෙන් අපූරු දඬුවමක්

පසඟ පිහිටුවා විහාරාධිපති හිමියන්ගෙන් විවෘත අධිකරණයේ දී සමාව ගෙන සෑම දිනකම බුද්ධ පූජාවට පෙර විහාරස්ථානය සුද්ද පවිත්‍ර කරන ලෙස ද හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මත්පැන් ජාවාරම්කරුවෙකු ට නියෝග කර තිබෙනවා.

සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරින ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩු කටයුත්තෙන් අනතුරුව සතියක කාලයක් අඟුරුවාතොට පොලිසියේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

මෙම නියෝග ලබාදී ඇත්තේ අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ මත්පැන් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකුටයි.

විහාරස්ථාන භූමියකට යාබද ඉඩමේ පදිංචි මත්පැන් ජාවාරම්කරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර මත්පැන් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම වැටලීම සිදු කර ඇත්තේ විහාරාධිපති හිමියන් පොලිසියට ඔත්තු ලබාදීමෙන් යැයි සැක කළ මෙම පුද්ගලයා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුගේ එම ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයේ අවධානය යොමු කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් එම නියෝගය අනුව සැකකරු විවෘත අධිකරණයේ දී විහාරාධිපති හිමියන්ට නමස්කාර කළ අතර ඒ පිළිබද දැඩි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා පසඟ පිහිටුවා වඳින ආකාරය සම්බන්ධයෙන් ද සැකකරු දැනුවත් කරන ලෙසටයි පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත්තේ.

ඒ අනුව එම ඉරියව්ව සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් සැකකරු දැනුම්වත් කිරීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ට පසඟ පිහිටුවා නමස්කාර කිරීමට සැකකරු කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?