spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කෝටි ගණනක දේපළ තහනම්

“යුක්ති” මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් කෝටි ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කර තිබෙනවා.

අද නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශණ කොට්ඨාසයේ නිලධාරීන් විසිනුයි මෙම දේපළ තහනමට ගෙන ඇත්තේ.

විදේශගතව සිට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපළ මිලදී ගෙන ඇති බවට අනාවරණ වීමෙන් පසුව ඒවා තහනමට ගෙන තිබෙනවා.

අඩි 45ක බහුදින ධීවර යාත්‍රාවක්, නවීන වෑන් රථයක්, නවීන මෝටර් රථ දෙකක්, හික්කඩුව ප්‍රදේශයේ මහල් 3කින් සමන්විත ගොඩනැගිල්ලක්, මහමෝදර පාලම අසල මහල් තුනකින් සහ 4කින් යුත් විලා දෙකක් මෙන්ම රත්‍රං පවුම් 30ක් මෙලෙස තහනමට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම දේපළවල සමස්ත වෙළඳපළ වටිනාකම රුපියල් ලක්ෂ 1340කට ආසන්න බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර යුක්ති මෙහෙයුමට සමගාමීව දැනට රැඳවුම් නියෝග මත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සංජීව කුමාර නොහොත් ගනේමුල්ල සංජීව සමග සබඳතා පවත්වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ දේපළ ද තහනමට ගෙන තිබෙනවා.

වික්‍රමාරච්චි කොට්ටලගේ රංග ප්‍රසාද් ගුණසේකර නොහොත් වනාතේ චුට්ටං නැමති සැකකරු මේවන විට නීති විරෝධී ආකාරයෙන් විදෙස්ගතව සිටින අතර ඔහුට අයත් මෙම දේපළ තහනමට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

මෙම අපරාධකරු විදේශගත වීමට පෙර පසුගිය මැයි මස 20 වනදා බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා සිදු කළ ඝාතනයට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් භාවිත කර මෙම වාහන සහ දේපළ මිලදී ගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුවයි දේපළ තහනමට ගෙන ඇත්තේ.

එම දේපළ අතර සැකකරුට අයත් බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවස සහ ටොයෝටා ඇක්වා වර්ගයේ මෝටර් රථයක් වනවා.

මෙම සැකකරු විසින් නීති විරෝධී ආකාරයෙන් උපයන ලද දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හෝ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?