මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කෝටි ගණනක දේපළ තහනම්

“යුක්ති” මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් කෝටි ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කර තිබෙනවා.

අද නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශණ කොට්ඨාසයේ නිලධාරීන් විසිනුයි මෙම දේපළ තහනමට ගෙන ඇත්තේ.

විදේශගතව සිට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපළ මිලදී ගෙන ඇති බවට අනාවරණ වීමෙන් පසුව ඒවා තහනමට ගෙන තිබෙනවා.

අඩි 45ක බහුදින ධීවර යාත්‍රාවක්, නවීන වෑන් රථයක්, නවීන මෝටර් රථ දෙකක්, හික්කඩුව ප්‍රදේශයේ මහල් 3කින් සමන්විත ගොඩනැගිල්ලක්, මහමෝදර පාලම අසල මහල් තුනකින් සහ 4කින් යුත් විලා දෙකක් මෙන්ම රත්‍රං පවුම් 30ක් මෙලෙස තහනමට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම දේපළවල සමස්ත වෙළඳපළ වටිනාකම රුපියල් ලක්ෂ 1340කට ආසන්න බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර යුක්ති මෙහෙයුමට සමගාමීව දැනට රැඳවුම් නියෝග මත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සංජීව කුමාර නොහොත් ගනේමුල්ල සංජීව සමග සබඳතා පවත්වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ දේපළ ද තහනමට ගෙන තිබෙනවා.

වික්‍රමාරච්චි කොට්ටලගේ රංග ප්‍රසාද් ගුණසේකර නොහොත් වනාතේ චුට්ටං නැමති සැකකරු මේවන විට නීති විරෝධී ආකාරයෙන් විදෙස්ගතව සිටින අතර ඔහුට අයත් මෙම දේපළ තහනමට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

මෙම අපරාධකරු විදේශගත වීමට පෙර පසුගිය මැයි මස 20 වනදා බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා සිදු කළ ඝාතනයට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් භාවිත කර මෙම වාහන සහ දේපළ මිලදී ගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුවයි දේපළ තහනමට ගෙන ඇත්තේ.

එම දේපළ අතර සැකකරුට අයත් බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවස සහ ටොයෝටා ඇක්වා වර්ගයේ මෝටර් රථයක් වනවා.

මෙම සැකකරු විසින් නීති විරෝධී ආකාරයෙන් උපයන ලද දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හෝ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04