මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ විත්තිකරුවන් 5ක් නිදොස් කොට නිදහස්

උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කර තිබෙනවා.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවයි.

මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බව සඳහන් කළ අධිකරණය මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ද පිළිගත නොහැකි බව පැවසුවා.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කර සිටි විනිසුරු මඩුල්ල විමර්ශන නිසියාකාරව සිදු කරනු නොමැති අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවයි කියාසිටියේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළා.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් හාරසියයක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.986 ක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විත්ති කරුවන් පස්දෙනා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරනු ලැබුවා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ලද ප්‍රථම මත්ද්‍රව්‍ය නඩුව මෙය වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44