නිවාස බිඳ රුපියල් ලක්ෂ තිහකට අධික වටිනා රන්භාණ්ඩ, රූපවාහිනි , ඩෙස්ක්ටොප්, විදුලි පංකා , ලැප්ටොප් , ප්රොජෙක්ට්ර් , හෝම් තියටර්ස් , ජංගම දුරකථන , ඇතුළු දේපළ සොරා ගන්නා ලද පුද්ගලයන් හතර දෙනකු හා කාන්තාවන් දෙදෙනකු ඉකුත් (10) වන දින වැල්ලවත්ත පොලීසිය අපරුධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට තිබෙනවා.
මෙම පුද්ගලයන් මට්ටක්කුලිය පදිංචිව සිටින වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන බවත්, ඒ අතර ප්රධාන සැකකරුගේ බිරියගේ අනියම් සැමියා ද සිටින බවත් පොලීසිය පවසයි.සැකකරුවන් සොරාගත් දේපළවලින් රන්වළලු, චේන්, ලැප්ටොප් 3 ක්, රූපවාහිනි 3 ක් , ප්රජෙක්ටර්1 ක් , හෝම් තියටර්ස් , විදුලි පංකා 1 ක් , ජංගම දුරකථන 1 ක් ඇතුළු දේපළ සැකකරුවන්ගේ නිවාසවල තිබියදී හා විවිධ පුද්ගලයනට අලෙවි කර තිබිය දී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයි ද පොලීසිය පැවසීය










