මගේ වෘත්තිය රංගනය නෙවෙයි – දිල්හානි

දිල්හානි වීරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයක ටෙලිනාට්‍ය වලට ඇය සිය දායකත්වය දක්වනවා.

කොහොම වුණත් ඇගේ වෘත්තිය රංගනය නෙමෙයි. රාජ්‍ය සේවයේ වෘත්තියක නියැලෙන අතරේ තමයි රංගන කටයුතුවලටත් දායක වෙන්නේ.

ඇගේ ගම අනුරාධපුරය. අම්ම,තාත්ත, නංගිලා දෙන්න තමයි පවුලේ ඉන්නේ. තාත්තා ව්යාපාරිකයෙක්. පවුලේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ පළවැනි කෙනා දිල්හානි.ඇය කියන විදියට ඇගේ අරමුණ වෙලා තිබෙන්නේ හොඳට ඉගෙන ගන්න අතරේ රංගන ක්ෂේත්රයේ ඉදිරියට යාම. ඉතින් ඒ නිසාම ප්‍රාසාංගික කලාවේදී උපාධිය ලබා ගෙන තවදුරටත් ඉගෙනීම් කටයුතුවල යෙදෙන බවයි ඇය කියන්නේ

ඇය මෙතෙක් ආපු ගමන ගැන වගේම, ඇගේ ආසාවන් පිළිබඳවත් මෙහෙම කිව්වා…

“රංගනයේදී මගේ ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබුණා. විවිධ පුද්ගලයන් හමුවුණා. ඉතින් නිහතමානී පුංචි සතුටක් තියෙනවා. මම නර්තනයේ සම්ප්රදායයන් හතරක් මේ වනවිට හදාරලා තියෙනවා. ඒ වගේම මම ගොඩක්ම ආස පීනන්න. තව මම ඇවිදින්නත් ආසයි. ලස්සන තැන් බලන්න ආසයි. සීතල පළාත්වලට වගේම උඩුදුම්බර පළාතට ඉස්සර මගේ කැමැත්තක් තිබුණා. ඉස්සර මගේ අරමුණ වුණේ ගුරුවරියක වීමට. ඒත් දැන් ඒ අදහස රංගනය එක්ක ඉවත් කර ගත්තා.”ඉතින් මේ දක්ෂ වගේම හැමෝගෙම ආදරය නොමඳව ලැබෙන දිල්හානිට අපිත් ඉදිරි ගමන වෙනුවෙන් සුබ පතනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11