මගේ වෘත්තිය රංගනය නෙවෙයි – දිල්හානි

දිල්හානි වීරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයක ටෙලිනාට්‍ය වලට ඇය සිය දායකත්වය දක්වනවා.

කොහොම වුණත් ඇගේ වෘත්තිය රංගනය නෙමෙයි. රාජ්‍ය සේවයේ වෘත්තියක නියැලෙන අතරේ තමයි රංගන කටයුතුවලටත් දායක වෙන්නේ.

ඇගේ ගම අනුරාධපුරය. අම්ම,තාත්ත, නංගිලා දෙන්න තමයි පවුලේ ඉන්නේ. තාත්තා ව්යාපාරිකයෙක්. පවුලේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ පළවැනි කෙනා දිල්හානි.ඇය කියන විදියට ඇගේ අරමුණ වෙලා තිබෙන්නේ හොඳට ඉගෙන ගන්න අතරේ රංගන ක්ෂේත්රයේ ඉදිරියට යාම. ඉතින් ඒ නිසාම ප්‍රාසාංගික කලාවේදී උපාධිය ලබා ගෙන තවදුරටත් ඉගෙනීම් කටයුතුවල යෙදෙන බවයි ඇය කියන්නේ

ඇය මෙතෙක් ආපු ගමන ගැන වගේම, ඇගේ ආසාවන් පිළිබඳවත් මෙහෙම කිව්වා…

“රංගනයේදී මගේ ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබුණා. විවිධ පුද්ගලයන් හමුවුණා. ඉතින් නිහතමානී පුංචි සතුටක් තියෙනවා. මම නර්තනයේ සම්ප්රදායයන් හතරක් මේ වනවිට හදාරලා තියෙනවා. ඒ වගේම මම ගොඩක්ම ආස පීනන්න. තව මම ඇවිදින්නත් ආසයි. ලස්සන තැන් බලන්න ආසයි. සීතල පළාත්වලට වගේම උඩුදුම්බර පළාතට ඉස්සර මගේ කැමැත්තක් තිබුණා. ඉස්සර මගේ අරමුණ වුණේ ගුරුවරියක වීමට. ඒත් දැන් ඒ අදහස රංගනය එක්ක ඉවත් කර ගත්තා.”ඉතින් මේ දක්ෂ වගේම හැමෝගෙම ආදරය නොමඳව ලැබෙන දිල්හානිට අපිත් ඉදිරි ගමන වෙනුවෙන් සුබ පතනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06