මගේ එක්ක යාළුවෙලා ඉද්දී නේ, තවත් එකෙක්ව දැලේ දාගත්තේ

වෙනත් පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියකට උරණ වී සිය අනියම් බිරියට තියුණු ආයුධයකින් පහරදී කට කපා බරපතළ තුවාල කළ විවාහකයකු 07දා සැකපිට අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන නාගස්වත්තේ ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය වෙනත් පුද්ගලයකු සමඟ තවත් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවට සැකකරුට තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය පවසයි. ඒ අනුව සැකකරු අවස්ථා කිහිපයකදී ඇයගෙන් මේ පිළිබඳව විමසා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්‍ෂේප කරමින් දෙදෙනා අතර බහින් බස්වීම් සිදුව ඇතැයි පොලිසිය කියයි.

 මේ අතර සැකකරු නිරන්තරයෙන් ඇය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතරතුරදී අනියම් සබඳතාව පවත්වාගෙන යන බවට සැකකෙරෙන පුද්ගලයාගේ ඥාතියකුගේ නිවෙසක් අසල මෙම කාන්තාව රැඳී සිටිනු දැක ඒ පිළිබඳව උරණවී ක්‍ෂණයකින් ක්‍රියාත්මක වූ සැකකරු උල් පිහියකින් ඇන කට කපා බරපතළ තුවාල කර ඇති බව පොලිසිය පවසයි. බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ බව පැවැසේ.

කළ විමර්ශනයකදී පහරදීමට භාවිත කළ තියුණු ආයුධයද සමඟ සැකකරු කිරුළපන නාගස්වත්ත ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු අලුත්කඩේ අංක තුන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක චාමික ජයවීර, පො.සැ.ජයවීර (9233), සනත් (37060), තරංග (61413), කරුණානායක (66151), පො.කො. චන්දික (30574), විජේතුංග (37783), සමීර (68485), කපිල (70225), බණ්ඩාර (71943), අරුණ (78686), කා.පො.කො. දිල්ෂාන් (10133) ඇතුළු නිලධාරීහු වැටලීම කොට ඉදිරි පරීක්‍ෂණ පවත්වති.

මව්බිම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33