භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයත් තිදෙනෙකුට

භෞතික විද්‍යාව සඳහා වන 2025 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙක් අතරේ බෙදී ගොස් තිබෙනවා.

ඒ අනුව ජෝන් ක්ලාක්, මයිකල් ඩෙවොරෙට් සහ ජෝන් මාර්ටිනිස් යන තිදෙනාට මෙවර භෞතික විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය හිමිව ඇති බවයි නිවේදනය කළේ.

විදුලි පරිපථයක සාර්ව ක්වොන්ටම් යාන්ත්‍රික උමං මාර්ග සහ ශක්ති ප්‍රමාණකරණය සොයා ගැනීම වෙනුවෙන් මොවුන්ට මෙවර නොබෙල් ත්‍යාගය හිමිව තිබෙනවා.

මේ අතර 2025 ජීව විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිකරගත් විද්‍යාඥයින්ගේ නම් ඊයේ (06) ප්‍රසිද්ධියට පත් කළා.

ඒ, අනුව මෙවර ජීව විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරි බ්‍රන්කොව්, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුචි යන අයට හිමි වුණා.

භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වූ විද්‍යාඥයින් තිදෙනා පහතින්.

02