භූ කම්පනයේ මරණ 17000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් මියගිය ගණන 17,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මීට පෙර 1999 වසරේ තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිත 17000ක් අහිමි වූ අතර මෙවර එම සංඛ්‍යාව ඉක්මවා තවත් මරණ දහස් ගණනක් වාර්තා වනු ඇති බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

1999 දී තුර්කියේ ඇති වූ මේ හා සමාන ප්‍රබල භූමිකම්පාවකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගිය පසු එම කලාපයට බලපෑම් කළ දැවැන්තම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙසට සටහන් වනවා.

මේ වන විට පුද්ගලයින් 28,000 කට වැඩි පිරිසක් බේරා ගෙන ඇති බව සඳහන්.

තුර්කියේ මරණ සංඛ්‍යාව අද උදෑසන වන විට 14,014 දක්වා ඉහළ ගියා.

වසර 12කට ආසන්න සිවිල් යුද්ධයකින් දැනටමත් විනාශ වී ඇති සිරියාවේ, රජය සහ වයඹදිග කැරලිකරුවන්ගේ ගලවා ගැනීමේ සේවා වාර්තාවලට අනුව, 3,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිලියන 13ක පමණ ජනතාවක් වෙසෙන තුර්කියේ භූමිකම්පා සිදු වූ කලාපයේ ගොඩනැගිලි 6,500ක් පමණ කඩා වැටී ඇති අතර ගණන් කළ නොහැකි තරම් හානි සිදුව ඇති බවයි බලධාරීන් පවසන්නේ.

නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැති වීම හේතුවෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරනවා.

භූමිකම්පාවට වඩා වැඩි පිරිසකට හානියක් විය හැකි ද්විතියික ව්‍යසනයක් ඇතිවීමේ අවදානමක් එමගින් පවතින බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

ආධාර රැගත් එක්සත් ජාතීන්ගේ ලොරි හයක් තුර්කියේ සිට සිරියාවට දේශසීමාව හරහා ගොස් ඇති අතර එහි ජනතාවට ලැබුණු පළමු ජාත්‍යන්තර උපකාරය එයයි.

නිලධාරීන් පැවසුවේ ඉඩ්ලිබ් හි බාබ් අල්-හවා හරස් මාර්ගය හරහා ලොරි හයක් ගොස් ඇති බවයි.

මාර්ගවලට හානි වීම සහ සැපයුම් ගැටළු හේතුවෙන් කලාපයට ජීවිතාරක්ෂක ආධාර බෙදා හැරීම දින හතරක් නතර වී තිබුණා.

එහි සිටින ගලවාගැනීමේ සේවකයින් පවසන්නේ අවම වශයෙන් පුද්ගලයන් 1,900ක් මිය ගොස් ඇති අතර පවුල් සිය ගණනක් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් යට සිරවී සිටින බවයි.

භූමිකම්පාව ඇතිවීමට පෙර පවා ප්‍රදේශයේ මිලියන 4.1 ක පමණ පිරිසකින් වැඩි දෙනෙකු මානුෂීය ආධාර මතයි ජිවත් වුයේ.

දෙරටේම සහන කණ්ඩායම් වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින නමුත් සුන්බුන් යට තවමත් සිරවී සිටින බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් බලාපොරොත්තු බොඳ වෙමින් පවතින බවයි ප්‍රකාශ වන්නේ.

භූමිකම්පාවෙන් අහිමි වූවන් පිළිබඳ ඛේදජනක කතා කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

භූමිකම්පාව සිදුවන විට අඩියමන් ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි වොලිබෝල් කණ්ඩායමක්ද අතුරුදන් බවටයි හෙළිවී ඇත්තේ.

දැනට කඩා වැටී ඇති ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබී ගුරුවරුන් දෙදෙනෙකුගේ සහ සිසුවෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

තුර්කි අධ්‍යාපන විද්‍යාලයේ බාලිකා සහ බාලක වොලිබෝල් කණ්ඩායම්වල සාමාජිකයින් 39 දෙනෙක් මහල් හතකින් යුත් Isias හෝටලයේ නවාතැන් ගෙන සිටියදී යි භූ කම්පනය සිදුවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23