භූ කම්පනයෙන් මියගිය ගණන 1300 ඉක්මවයි

මධ්‍යම තුර්කියේ සහ වයඹදිග සිරියාවේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය ගණන 1,300 ඉක්මවා තිබෙනවා.

තවත් දහස් ගණනක් තුවාල ලැබූ අතර, වසර ගණනාවක යුද්ධයෙන් දැනටමත් විනාශ වී ඇති සිරියානු නගරවලට තට්ටු නිවාස කඩා වැටෙමින් තවත් දැවැන්ත විනාශයක් සිදුවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ශීත කාලගුණයෙන් ද බලපෑම් එල්ල වී ඇති මෙම දිනවල සිදුවූ ඇති වූ රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාව මෙම සියවසේ තුර්කියට බලපෑ දරුණුතම භූමිකම්පාව ලෙසට සැලකෙනවා.

එහි කම්පනය සයිප්‍රසයට සහ ලෙබනනයට ද දැනී ඇතැයි සඳහන්.

අද උදෑසන ඇති වූ පළමු කම්පනයෙන් අනතුරුව අලුයම තවත් විශාල භූමිකම්පාවක් ඇති වූ අතර එය රික්ටර් පරිමාණයේ 7.7ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

දෙවන භූමිකම්පාවෙන් කොපමණ හානියක් සිදුවී ඇත්ද යන්න තවමත් පැහැදිලි තොරතුරු ලැබී නැහැ.

අයහපත් කාලගුණය හමුවේ සුන්බුන් අතර තුවාල ලැබූවන් බේරා ගැනීමට එක්ව සිටින සහන සේවකයින්ට ද දෙවන භූ කම්පනය දැනී ඇතැයි සඳහන්.

එමෙන්ම කටුක ශීත කාලගුණය තුළ ක්‍රියාත්මක වන සහන සේවකයින් ද සුන්බුන්වලින් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කි ජනාධිපති පැවසුවේ පුද්ගලයන් 912 දෙනෙකු මිය ගොස් 5,383 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 2,818ක් කඩා වැටී ඇති බවයි.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව කොපමණ ඉහළ යනු ඇත්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව තුර්කි ජනාධිපතිවරයා පැවසුවා.

වසර 11කට වැඩි කාලයක් පුරා පවතින සිවිල් යුද්ධයකින් දැනටමත් විනාශ වී ඇති සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ 326 කට වැඩි පිරිසක් මිය ගොස් 1,042 ක් තුවාල ලබා ඇති බවයි.

සිරියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින වයඹ දිග ප්‍රදේශයේ පුද්ගලයන් 147 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන කණ්ඩායම්  ප්‍රකාශ කළා.

මේ අතර සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් හදිසි කැබිනට් රැස්වීමක් ද කැඳවා තිබෙනවා. 

ඒ මෙම ව්‍යසනයෙන් සිදුවී ඇති හානිය සමාලෝචනය කිරීමට සහ ඊළඟ පියවර සාකච්ඡා කිරීමට බවයි ජනාධිපති ඔහුගේ කාර්යාලය පැවසුවේ.

මේ අතර තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ අතුරුදන් වූවන් සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට රටවල් 45 ක් ඉදිරිපත් වී ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය මෙම භූමිකම්පාව සහ සිදුවූ හානි ගැන දැඩි අවදානයක් යොමු කර ඇති අතර සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

“අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට අපි සූදානම්,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8ක භූමිකම්පාව කිලෝමීටර් 17.9ක් පමණ ගැඹුරකින් සිදුවී ඇති බවයි.

1999 න් පසු තුර්කියේ ඇති වූ දරුණුතම භූමිකම්පාව මෙය ලෙසට සැලකෙනවා.

මෙම කම්පනය හා සමාන ප්‍රබලත්වයෙන් යුක්තව 1999 වසරේ ඇති වූ ඒකක 7.4 ක භූමිකම්පාවෙන් ඉස්මිත් සහ ඉස්තාන්බුල් හි නැගෙනහිර මාමාරා මුහුදු කලාපයආසන්නයේ 17,000 කට වඩා මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02
Video thumbnail
පැලැස්තර එපා..ජීවිතාන්තය දක්වා වුණත් දීර්ඝ කරන්න - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළි
02:56
Video thumbnail
ජනාධිපතිගේ ගමටම ගිහින් රාජාංගනේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරයි
02:40
Video thumbnail
සාකච්ඡාවට කළින් සභාවේ මතය කියන්න බෑනේ මට - අජිත් සැරවෙයි ?
01:21
Video thumbnail
ආණ්ඩුවට ඕන ඕන විදිහට දෙන්න බෑ - නීතිඥවරු අනතුරු අඟවයි
03:34
Video thumbnail
ජනපති අනුරගේ ගමේ රෝහලේ අඩුපාඩු ගොඩයි..
02:13