භානුකගේ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපියක්

ශ්‍රී ලංකා එක් දින හා පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හදිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ, සිය පවුල වෙනුවෙන් වැය කළ යුතු කාලය වැඩි කර ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ එම නිවේදනයේ සිංහල පරිවර්තනය පහළින්.

මාධ්‍ය නිවේදනය : ශ්‍රී ලංකා ක්‍රිකට්

2022 ජනවාරි 05

භානුක රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේ ය.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බව යි.

“මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පීතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් තරකර ගැනීමේ අපේක්ෂාවෙන්” ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ වා යි ප්‍රාර්ථනා කරන බව ද ඔහු පැවසී ය.භානුක රාජපක්ෂ එක්දින සහ විස්සයි20 තරග දෙකෙහි ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය.

භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදෙන්න තීරණය කළ හේතුව

භානුකට මාලිංගගෙන් ඇරයුමක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54