භාග්‍යා වෙනුවෙන් රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහන

පසුගියදා සිරස ලක්ෂපති වැඩසටහනේ දී සිංහරාජ රක්ෂිතය ආසන්නයේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් නිසා එයට සහභාගිවූ තරුණියකට මුහුණදිමට සිදුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වන යුරේනි නොෂිකා සිය ෆේස්බුක් ගිණුමේ එම තරුණිය ගැන සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

ආදරණීය භාග්‍යා,

මට තේරෙන විදියට ඔයා රූපවාහිනි නාලිකාවකට ඇවිල්ලා රටටම කිව්වෙ එක දෙයයි. ඒ සිංහරාජය කියන ලෝක උරුමයට හානි කරන්න එපා කියලා. සිංහරාජය කියන්නේ ඔයාට විතරක් නෙවෙයි, මේ රටේ ලෝකෙ හැම කෙනෙකුටම අයිති සම්පතක්. ඒක රැකගන්න එක අපි කාගෙත් වගකීමක්. කොහොම වුණත් නාලිකාවකට ඇවිල්ලා ඔයා කරපු ඒ කතාවෙන් සමහරුන්ගෙ ඇස් ඇරුණා. සමහරුන්ට කේන්ති ගියා.

කේන්ති ගිය අය ඔයාගෙ කතාව ස්ක්‍රිප්ට් එකක් කියලා කියනවා. ඒ වගේම තවත් සමහරු ඔයාගෙ කතාවට දේශපාලන මුහුණුවරක් දෙන්න හදනවා. තවත් කට්ටිය නොයෙක් විදියට ඔයාව බිලිබාගන්න උත්සාහ කරයි කියලා මම හිතනවා. ඒත් හැමදාම වගේ දැන් මිනිස්සු කතා කරන්නෙ ඔයා ගැන මිසක් ඔයා ඉස්මතු කරන්න හදපු මාතෘකාව වන සිංහරාජය රැකගැනීම ගැන නෙවෙයි. සිංහරාජය අමතක කරලා දැන් හැමෝම news එක කරගෙන තියෙන්නේ ඔයාව. මට දුක ඒ ගැනයි.

ලංකාවට හැමදාම වැරදුණේ ඔය හින්දම තමයි. හඳ පෙන්නන්න ඇඟිල්ල දික් කළාම අපේ රටේ මිනිස්සු බලන්නේ ඇඟිල්ල දිහා මිසක් හඳ දිහා නෙවෙයි.

ඒ හින්දම මේ වෙලාවේ ඔයා ඉන්නවා ඇත්තේ ලොකු පීඩනයක. ඔයා ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා මේ වගේ සිද්ධියක් ගැන එළිපිට කතා කරන්න ශක්තියක් තිබ්බ පුංචි ගෑනු ළමයෙක් නිසා මේ වෙලාවෙ දැනෙන පීඩනයට ඔයත් ඔයාගෙ පවුලෙ අයත් කොහොම මුහුණ දෙනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඔයා වගේ ගෑනු ළමයි රැකගන්න එක සමාජයේ වගකීමක්. හෙට දවසේ හරි ලස්සන රටක් හදන්න නම් ඔයා වගේ ශක්තිමත් ගෑනු ළමයි අපි ආරක්ෂා කරගන්න ඕනෙ.

තව තවත් ශක්තිමත් වෙන්න. අභියෝගවලට අභියෝග කරන්න. පීඩනය වැඩිවෙන තරමට හිතට ධෛර්‍යය අරගෙන අනාගතය ලස්සන කරගන්න.

හැමදාමත් ආදරෙයි 💕

යුරේනි නොශිකා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09