බොහෝ ප්‍රදේශවලට අද සවස වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.