චීන ආරක්ෂක අමාත්‍යවරයා රථ පෙරහැරකින් කොළඹට පැමිණීමේදී බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
සැකකරු වසර 10ක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරටට පැමිණි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.
එම අවස්ථාවේ ඇතිවූ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම වීඩියෝව පහතින්.

ඔහුට එරෙහිව පියවර ගැනීම අනුමත කරමි. වර්ථමානයේ දී පෙර සියළු රජයන් මෙන් නොව ඉතාමත් අත්‍යවශ්‍ය දෙයකට පමණක් මෙලෙස කෙරේ. මෙය දරා ගත නොහැකි නම් එය කනගාටුවකි.
ඕස්ට්‍රෙලියා ඉන්දලත් මොලෙ වෙඩිලා නෙහෙ , එහෙ හිටපු නිසා ඔලුව ලොකු වෙලා , නීතිය නොදන්න , නීතියට ගරු නොකරන එකෙක්