බේකරියක් තුළ දී බක්කරේව මරා දැමූ මිතුරා වසරකට පසු පොලිස් දැලේ (ඡායාරූප)

එකම ගමේ පදිංචි මිතුරා බේකරියක් තුළදී ඝාතනය කර වසරක කාලයක් සඟවා සිටි පුද්ගලයකු බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, සමඟ ඝාතනය සඳහා යොදාගත් උල් පිහියක් ද වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ අතහැර දමන ලද වැසිකිළි වළක තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ බේකරි බාස්වරයකු (බක්කරේ) ලෙස වසර කීපයක සිට සේවය කර ඇති අතර, ඔහු පස්සර, මඩෝල්සිම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුද්ගලයා රැකියාවක් නොමැතිව සිටි සිය මිතුරාට තම රැකියා ස්ථානයේම රැකියාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ දී සැකකරු එම බේකරියේ සේවයට පැමිණ ඇති අතර දෙදෙනාම එහි සේවය කරමින් සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව මිතුරන් දෙදෙනා අතර ඇති වූ යම් ආරවුලක් හේතුවෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා බේකරි හිමිකරුට කේලාම් පවසා සැකකරුගේ සේවය නැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ හේතුවෙන් කෝපයට පත් සැකකාර පුද්ගලයා බේකරියෙන් පිටව ගොස් ඇති අතර, පසුගිය වසරේ අප්‍රේල් 22 දින දහවල් එකවරම බේකරිය වෙත පැමිණ මිතුරාට තර්ජනය කරමින් “මට රස්සාව නැතිකළ උඹටත් මේ රස්සාව කරන්න දෙන්න මම ඉඩ දෙන්නේ නැහැ උඹව මම මරනවා” යැයි තර්ජනය කරමින් ඉන් ගොස් තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පාසුව ඔහු පසුදින අලුයම් කාලයේ තාප්පයෙන් පැන බේකරිය තුළට හොර රහසේ ඇතුළු වී වැඩ නිමවී පුටුවක් මත තේ පානය කරමින් සිටි සිය මිතුරාට උල් පිහියකින් ඇණ ඝාතනය කර පලාගොස් ඇති බව සඳහන්.

පසුව ඔහු සේවය කළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ බේකරිහිමියා හමුවට ගොස් ඔහුට ලබාගැනීමට තිබූ හිඟ මුදල් ද රැගෙන ඝාතනය සඳහා යොදාගත් පිහිය බේකරිය පිටුපසක් අතහැර දමන ලද වැසිකිළිවලකට දමා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12