බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේයි.
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු බෙලිඅත්ත ප්‍ර දේශයේ දී ඝාතනයට ලක්වූයේ පසුගිය 22 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා පුළුල් විමර්ශන සිදු කෙරෙනවා.ඒ අනුව ඝාතනයේ සැලසුම්කරු සහ අදාළ ජීප්රථය පැදවූ සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනුණා.
තවත්දුරටත් සිදුකළ පුළුල් විමර්ශනවලට අනුවයි ඊයේ රාත්‍රි යේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ.ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකට අනුවයි.
ගාල්ල වංචාවල ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අත්තේ හෙරායින් මත්ද්‍රව්‍ය ද සමඟයි.ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් වන පුද්ගලයින් දෙදෙනෙකු බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
