බෙල්ජියම් තරුණියකට අතවර කළ අයෙක්ට දැඩි කොන්දේසි මත මීගමු අධිකරණයෙන් ඇප

මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් කලාපය තුළ පයින් ගමන් කරමින් සිටි 25 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවකගේ ශරිරය සහ පියයුරු ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදුකළ පුද්ගලයෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි කොන්දේසි කිහිපයක් යටතේ ඇප මත මුදාහැර තිබෙනවා.

ශ්‍රී ලංකාවට සංචාරය පිණිස පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සැලකෙන මීගමුව සහ මීගමු සංචාරක කලාපය නැරඹීමටත් ,එහි නවාතැන් ගැනීමටත් පැමිණෙන තරුණ විදේශීය සංචාරක කාන්තාවන් ඉලක්ක කරගෙන මේ ආකාරයේ  ලිංගික අතවරයන් සහ ලිංගික අඩම්තේට්ටම් සිදුවන බව බොහෝ හෝටල්වලින් මීගමුව මූලස්ථාන පොලිසියටත්, මීගමුව සංචාරක පොලිසියටත්  අවස්ථා කිහිපයක දී පැමිණිලි ලැබී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය සැකකරුවකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රාත්‍රි කාලයේ  දී විදේශීය කාන්තාවන් බොහෝ දෙනෙකු මෙවැනි අත්දැකීම්වලට මුහුන දුන් බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම සිදුවීමට මුහුණ දුන් බෙල්ජියම් ජාතික තරුණිය සහ ඇගේ මිතුරියක්  ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමකරමින් ගුවන් ගතවීමට දින කිහිපයකට පෙරාතුව මීගමුව සංචාරක කලාපයට පැමිණ තිබූ අතර, පසුගිය 24 වන දින රාත්‍රි 9.30ට පමණ මීගමුව සංචාරක හෝටල් කලාපයේ සංචාරය කර ආපසු ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයට පයින් ගමන් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.

ඒ, අනුව එදින රාත්‍රී 9.30 ත් 9.45 අතර කාලයේදී මෙම සිදුවීම සිදුවූ මොහොතේම ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ මීගමුව සංචාරක පොලිසියේ නිලධාරීන් යතුරුපැදියකින් පළා යමින් සිටි එම සැකකරුව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මිනුවන්ගොඩ, නැගෙනහිර ගල්ඔලුව, තක්කියා පාරේ පදිංචි  23 හැවිරිදි අවිවාහකයෙකු වූ මොහාමඩ් රාජන් මොහාමඩ් උස්මාන් නැමැති මීගමුවේ ජංගම දුරකථන අලෙවි සැලක සේවය කරන අයෙක්.

මොහු කාලයක් තිස්සේ මෙවැනි ක්‍රියාවල නිරත වී ඇතැයි සැක පළ කරන බවද පොලිසිය පවසනවා.

ඒ, අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඉකුත් 25 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කර ඇති අතර, එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා එම සැකකරුව පසුගිය ජුලි 28 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණා.

අනතුරුව පසුගිය ජුලි 28 වනදා අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම ඉල්ලීමට විරුද්ධ වී ඇති අතර, කෙසේ වෙතත් මෙම සැකකරු වෙනුවෙන් පෙනී සිටි, විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියේ මෙම තැනැත්තා නුදුරේදීම විවාහ වීමට සූදානම්ව සිටින හෙයින් ඒ පිළිබඳව අවධානය යොමුකර ඔහුව ඇප මත නිදහස් කරන ලෙසයි.

ඒ අනුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් යටතේ මෙම සැකකරුව ඇප මත මුදාහැරුණා.

එමෙන්ම මෙම සැකකරුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර, සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරු 9.00ත් මධ්‍යාහන 12.00ත් අතර කාලය තුළ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් නියෝග කෙරුණා.

මෙහි වැඩිදුර නඩු විභාගය එළඹෙන අගෝස්තු මස 25 වන දින පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
2
+1
1
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32