බූස්ස හිරගෙදර හිටපු ලොක්කාට කෝටි 700ක චෝදනාවක්

බූස්ස බන්ධනාගාරයේ හිටපු ඉහළ නිලධාරියෙකු විසින් සිදුකර ඇතැයි කියන කෝටි හත්සියයක පමණ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.

තමන් දරන නිලය පාවිච්චි කරමින්, සිදු කරන ලද ඉඩම් ගනුදෙනු, මුදල් ගනුදෙනු, රුපියල් කෝටි ගණනක මුදල් වංචා ඇතුළු දූෂණ ක්‍රියා පිළිබඳව කුලේෂ්වර බර්ජිත් ද සිල්වා විසින් සිදු කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන වාර්තාව ලබා ගැනීමට යයි.

මෙම නිලධාරියාගේ වත්කම රුපියල් කෝටි 700 ඉක්මවන බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙම මහ ඉඩම් මංකොල්ලය ගැන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මෙම නිලධාරියා මේ වන විට බන්ධනාගාර මූලස්ථානයේ සේවයේ යෙදී සිටින බව ද වාර්තා වේ.

අදාළ නිලධාරියා සහ ඔහුගේ සහෝදරයෙකු විසින් රජයට සිදු කර ඇතැයි කියන රුපියල් කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන ඒකකය මගින් ගල්කිස්ස අධිකරණයේ නඩුවක් පවරා ඇති බව ද ජනාධිපතිවරයා වෙත යවා ඇති පෙත්සමේ සඳහන් වෙයි.

මොහු විසින් සිදු කර ඇති ඉඩම් කොල්ලයට බන්ධනාගාර තුළ සිටින පාතාල නායකයන්ගේ සහාය ලබාගෙන ඇති බව ද එම පෙත්සමෙහි සඳහන් ය. 

පරණ කොට්ටාව පාර, පන්නිපිටිය, ඉඩම් මංකොල්ලයක් සිදු කර ඇති අතර, ගාල්ල කොටු පවුර තුළ රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් නිවාස දෙකක් සහිත ඉඩම් දෙකක් ද මෙම නිලධාරියා සතුව ඇතැයි එම පෙත්සමෙහි දක්වා ඇත.

මොහු පොලියට මුදල් ලබා දෙන බවත්, නිල ඇඳුමෙන් සැරසී ඇතැම් ක්‍රියා සිදු කර ඇති අතර, මෙම කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන් සහභාගි කරගෙන ඇති බව ද පැමිණිල්ලෙහි සඳහන් වෙයි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12