spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුම්රාට විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වෙයි

ඉන්දීය කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිත් බුම්රාට එළෙඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වී යන බවට තොරතුරු වාර්තා වනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් බුම්රාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අවාසනාවන්ත ලෙස මඟහැරී යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඊයේ ආරම්භ වූ දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයට ද බුම්රා ක්‍රීඩා කළේ නැහැ.

පසුගිය අඟහරුවාදා ඉන්දීය කණ්ඩායමේ පුහුණු සැසිය අතරතුර කොන්දේ වේදනාවක් සම්බන්ධයෙන් ඔහු කළ දැනුම්දීමකින් පසු ඔහුව විවේක ගැන්වීමටයි බී.සී.සී.අයි වෛද්‍ය කණ්ඩායම තීරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?