බෑංකී මූන් කථානායක හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute (GGGI) ) වත්මන් සභාපති බෑන් කී මූන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවට පැමිණි බෑන් කී මූන් මහතාව පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින්.

ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (GGGI) සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා මෙහිදී හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ අතර කාබන් අවම තිරසාර සංවර්ධනයක් සහිත ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා නව්‍ය හවුල්කාරිත්වයක අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා.

දේශපාලනය තුළ ප්‍රතිපත්ති සකස් කිරීමේදී හරිත සංවර්ධන ආකෘතියක් අනුගමනය කිරීමත් ඒ සදහා සඳහා අවශ්‍ය හඬ පාර්ලිමේන්තුව තුළින්ම නැඟිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විෂයට අදාළ නිලධාරීන් අතර පුළුල් දැනුවත්භාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් කථානායකවරයා එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව බෑන් කී මූන් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් මහතා සහ GGGI අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තු සභා ගර්භයේ සංචාරයක ද නිරත වුණා.

Ban Ki Moon visit 20230207 24
Ban Ki Moon visit 20230207 23
Ban Ki Moon visit 20230207 22
Ban Ki Moon visit 20230207 21
Ban Ki Moon visit 20230207 17
Ban Ki Moon visit 20230207 20
Ban Ki Moon visit 20230207 19
Ban Ki Moon visit 20230207 18 1
Ban Ki Moon visit 20230207 18


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23