බාල වයස්කාර දරුවෙකු කෙලෙසූ චීවරධාරියෙකුට වසර 17ක සිර දඬුවම්

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළ නඩුවකින් වරදකරු වූ චීවරධාරියෙකුට බරපතල වැඩ සහිත වසර 17ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතායි මෙම නියෝගය ලබාදුන්නේ.

2016 වසරේ දෙසැම්බර් මස 01 සහ 31 අතර කාලයේ දී පන්විලතැන්න ප්‍රදේශයේදී ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අදහසින් වයස අවුරුදු 16 නොඉක්මවූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බවට විත්තිකාර චීවරධාරියාට චෝදනා එල්ල වී තිබුණා.

විත්තරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩුව ගොනුකර තිබූ අතර පළමු වරදට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවමක් ද ඊට අමතරව රුපියල් 10000ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළා.

අදාළ මුදල නොගෙනවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස 06ක සිර දඬුවමක් නියම වන බවයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

දෙවන වරදට බරපතල වැඩසහිත වසර 10ක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඊට අමතරව රුපියල් 15000ක දඩයක් පනවමින් එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස 06ක සිරදඬුවමක් ද නියම කරනු ලැබුවා.

පළමු හා දෙවන චෝදනා සම්බන්ධයෙන් නියම වූ වසර 07ක හා 10ක බරපතල සිරදඬුවම එකවර ගෙවීයන ලෙස ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් 250000ක මුදලක් ගෙවන ලෙසටයි චූදිත චීවරධාරියාට නියම කළේ.

එම මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් වසරක සිර දඬුවමක් නියම වන බවද විනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවා.

මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වූයේ කැලණිය සීලදස්සි හිමි නොහොත් හඳුවල දේවගේ හෂාන් හේමරත්න නැමැති අයෙකුටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
33
+1
4
+1
6
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23