spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර දරුවෙකු කෙලෙසූ චීවරධාරියෙකුට වසර 17ක සිර දඬුවම්

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළ නඩුවකින් වරදකරු වූ චීවරධාරියෙකුට බරපතල වැඩ සහිත වසර 17ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතායි මෙම නියෝගය ලබාදුන්නේ.

2016 වසරේ දෙසැම්බර් මස 01 සහ 31 අතර කාලයේ දී පන්විලතැන්න ප්‍රදේශයේදී ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අදහසින් වයස අවුරුදු 16 නොඉක්මවූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බවට විත්තිකාර චීවරධාරියාට චෝදනා එල්ල වී තිබුණා.

විත්තරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩුව ගොනුකර තිබූ අතර පළමු වරදට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවමක් ද ඊට අමතරව රුපියල් 10000ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළා.

අදාළ මුදල නොගෙනවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස 06ක සිර දඬුවමක් නියම වන බවයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

දෙවන වරදට බරපතල වැඩසහිත වසර 10ක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඊට අමතරව රුපියල් 15000ක දඩයක් පනවමින් එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස 06ක සිරදඬුවමක් ද නියම කරනු ලැබුවා.

පළමු හා දෙවන චෝදනා සම්බන්ධයෙන් නියම වූ වසර 07ක හා 10ක බරපතල සිරදඬුවම එකවර ගෙවීයන ලෙස ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් 250000ක මුදලක් ගෙවන ලෙසටයි චූදිත චීවරධාරියාට නියම කළේ.

එම මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් වසරක සිර දඬුවමක් නියම වන බවද විනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවා.

මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වූයේ කැලණිය සීලදස්සි හිමි නොහොත් හඳුවල දේවගේ හෂාන් හේමරත්න නැමැති අයෙකුටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
33
+1
4
+1
6
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?