බාල ඖෂධ ගෙන්වූ නඩුවේ අවසන් වාර්තාව ජුනි 19 ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සහ ඖෂධ මිල දී ගැනීමේ දී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා භාරදෙන බැවින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් අවසන් වාර්තාව ලබන ජුනි 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, අද (12) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළ බවයි.

නඩුව කැඳවු අවස්ථාවේ දී කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළේ පළමු වන සැකකරුගෙන් ලබා ගත් බෙහෙත් කුප්පි සහ රෝහල්වලට බෙදා හරිනු ලැබු බෙහෙත් කුප්පි සම්බන්ධයෙන් රස පරික්ෂණ වාර්තාවක් කැඳවා ඇති බවයි.

එමෙන්ම නඩුවේ සියලුම වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කකිරීමට ක⁣ටයුතු කරන බැවින් එම වාර්තාව ඉදිරිපත් කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ලබන 19 වැනිදා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, ­අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් ගුණ­සේ­කර, හිරාන් ධන­ජංය, සෞඛ්‍ය අමාත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන්ස් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර ඇති සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටින බවත් සඳහන් කෙරුණා.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන ද යවා තිබුණ ද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25