spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාලවයස්කාර පෙම්වතිය සමඟ නිවසේ තනි වූ පෙම්වතාට මතක හිටින පාඩමක්

බාලවයස්කාර තම පෙම්වතියව අපහරණ කළ බව කියන තරුණ පෙම්වතෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 18ක තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පෙම්වතා අතින් අපහරණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක වන බාලවයස්කාර පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.

තම දෙමව්පියන් නිවසේ නොමැති බවට පෙම්වතිය විසින් පෙම්වතාට දැනුම් දී ඇති අතර, එම දැනුම්දීම මත පෙම්ව්වතා පෙම්වතියගේ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එහිදී දෙදෙනාම පෙම්වතියගේ නිවසේ කාමරයක සිටින අවස්ථාවක ඇයගේ දෙමව්පියන් නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතියගේ දෙමව්පියන් විසින් පෙම්වතාව අල්ලා පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

සැකකාර පෙම්වතා හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?