බාප්පා නෙවෙයි ඒක කළේ, වෙන අයියා කෙනෙක්.

කාට මොනවා වුණත් නොබලන අසල්වාසීන් සිටින වර්තමාන සමාජයේ එසේ නොකරන මිනිසුන් ද සිටින බව අසන්නට තිබීම සතුටට කරුණක්. එවැනි විමසිලිමත් අසල්වාසීන් නිසා බාලවයස්කාරියක්, බේරා ගැනීමට හැකි වුවත් ඒ වන විට සියල්ල සිදු වී හමාරයි. පසුගිය දිනෙක අතුරුගිරිය පොලිසියට ලහි ලහියේ පැමිණි මැදි විය පසු කළ කාන්තාවක් පවසා සිටියේ සිය මිනිබිරියට ඇගේ බාප්පා අතින් යම් අතවරයක් සිදු වන බවයි.

එනම් සිය දියණියගේ නීත්‍යානූකූල නොවන සැමියා මෙලෙස දියණියට යම් අතවරයක් කරන බවයි.

පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති සැරයන් නිලක්ෂි, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මේ ගැන දැනුම් දුන්නා.

ඒ අනුව අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක දනුක වීරසිංහට මේ විමර්ශනවලට එක් වන ලෙස පවසන්නේ ඔහුගේ සහභාගීත්වයෙන් මේ විමර්ශනය කරගෙන යාම සුදුසු නිසයි.

දැරියගේ ආච්චි අම්මා ද සමඟ පොලිස් කණ්ඩායම අදාළ නිවස ට යද්දි එහි ජනෙල් දොරවල් වසා තිබුණා. නිවසක් කීවාට එය ඉතා කූඩා කාමරයක් වුණා.

පුද්ගලයකු ඉන් පිටතට පැමිණි අතර මේ පුද්ගලයා අපරාධ අංශයේ නිලධාරියාට එතරම් නුහුරු වූයේ නැහැ. ඒ කිහිප වතාවක්ම මොහු පොලිසියට කුදලාගෙන පැමිණ ඇති නිසායි. ත්‍රීවිල් රියදුරෙකු වූ ඔහු පොලිස් භාරයට එලෙස පත්ව තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ නිසයි.

දැරිය භාරයට ගත් පොලිසිය ඇයව කැඳවාගෙන ආවේ ආච්චි අම්මා ද කැටුවයි. එලෙස කැඳවාගෙන ආ ඇයගෙන්, ආච්චි අම්මාගේ කතාව පොලිසිය තහවුරු කරගන්න උත්සහා කරගත්තා. ඒත් ඇය කීවේ බාප්පා තමන්ට කරදර නොකළ බවයි. එහෙත් කසුන් නම් තරුණයෙකු තමන්ට අතවර කළ බවයි.

ඇගේ වයස අවුරුදු 13ක් වුණා. ඇය මේ වන විට පිරිමියෙකුගේ ලිංගික ගොදුරක් බවට පත් වෙලා. ඒත් ඇය කියන්නේ ඒ වෙනත් පිරිමියෙකු අතින් බවයි. පොලිසිය මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීමට කොස්තාපල්වරියක් යොදා ගත්තා. ඇයට මේ දැරියගේ අක්කා කෙනෙකු වීමට අවස්ථාව දී ඇත්ත අසා ගැනීමට පොලිසිය තීරණය කළා.

“මම ඇත්ත කියන්නම් අක්කේ.. බාප්පා තමයි මට දැන් කාලයක ඉඳලා මෙහෙම කරන්නේ. මුලින්ම පටන් ගත්තේ මම ශිෂ්‍යත්ව පන්තියේ ඉන්දෙද්දී..”

ඇය සියල්ල හෙළි කරන්නට වුණා. ඇය පවසන පරිදි මේ බාප්පා මීට වසර ගණනකට පෙර දැරියට ලිංගික අතවර කරන්නේ ඇගේ මවත් නිවසේ සිටින අතරතුරයි.

“අම්මා වැඩට ගිහින් ඇවිත් මහන්සි නිසා නිදා ගන්නවා. අම්මට නින්ද ගියාම බාප්පා මගේ ඇඳට එනවා..”

ඇයඒ කතාව කියද්දි අසා සිටි පොලිස් නිළධාරින්ට එය අදහාගත නොහැකි වුණා. පහේ පන්තියේදී ඇයට අවුරුදු නවයක් වුණා. මේ නරුම බාප්පා එතැන් පටන් ඇයට අතවර කර තිබුණා.

විමර්ශනවලදී හෙළි වූ අන්දමට ඇගේ මවද මේ අයුරින්ම ජීවිතේ විනාශ කරගත් එකියක්.

මීට වසර හතරකට පමණ පෙර සිට දැරිය මවගේ නීත්‍යානූකූල නොවන ස්වාමියා අතින් දූෂණය වී ඇති බවත් කිසිවෙකු දැන සිට නැහැ.

පසුකාලීනව මොවුන් කුලියට නිවසක් ගෙන යන ගමනට දැරිය රැගෙන යන්නේ නැහැ.

දැරියගේ මව ඇඟලුම් ආයතනයක සේවය කරනවා. ඇය රාත්‍රීයේ එන්නේ හතත් පසුවූ තැනයි. දිනක් අහම්බෙන් නිවසේ පුංචි දැරියත් මාමාත් පමණක් ඉතිරි වුණා.

කෙසේ හෝ මවගේ නිවසට ගිය දැරිය ආපසු ආච්චි ළඟට ආවේ නැහැ. ඇය මව හා නතර වුනේ බාප්පාගේ කීමටයි. උදේ රැයින්ම මව නිවසින් ගිය පසු ඉතිරි වන්නේ දැරියත් මාමාත් පමණයි. අනතුරුව මේ නරුමයා විවිධ අසභ්‍ය වීඩියෝ පෙන්වමින් ඇය හා ලිංගික සම්බන්ධකම් පවත්වන්නට වුණා. රාත්‍රී කාලයෙත් දිවා කාලයෙත් දැරිය කෑ ගසන ශබ්ද අසල්වාසීන්ට ද ඇසී තිබුණා. මේ සිද්ධි දාමය දැරියගේ ආච්චි අම්මා දැනගන්නේ ඔවුන්ගේ මාර්ගයෙනුයි.

ඒ ගැන ඇසූවිට දැරිය අපූරූ පිළිතුරක් ලබා දී තිබුණා. ඒ රාත්‍රීයේදී අම්මාට නොඇසෙන ලෙස ලිංගික කටයුතු කිරීමට බාප්පා වගබලාගත්තත් දිවා කාලයේ එසේ නොවන බවයි.

මෙම තොරතුරු හෙළි කර ගැනීමෙන් අනතුරුව බාප්පා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.

ප්‍රශ්න කිරීමේදී ඔහු මේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණා. ඇය වෙනත් තරුණයෙකු අතින් දූෂණය වූ බවයි ඇය කියා තිබුණේ. අනතුරුව පොලිසිය කළේ ඇය ලවා ඇගේ මුවින්ම කළ දේවල් පාපොච්චාරණය කිරීමයි. අනතුරුව අසරණ වන ඔහු වරද පිළිගත්තා. දැරියගේ අම්මා පැවසුවේ මේ කිසිත් තමන් නොදන්නා බවයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බාප්පා රක්ෂික බන්ධනාගාර ගත කෙරුණා. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කිරීමට නියමිතයි..

තක්ෂිලා ජයසේකර විසින් “මාංචු” පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09