බස් ගාස්තු හෙට සිට යළි ඉහළ යයි

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය වන ආකාරය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

එහි දී බොහෝ දුරට අවම බස් ගාස්තුව රුපියල් 2කින් ඉහළ යනු ඇති. ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.

 ඒ අනුව රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16ක් දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂිත යි. එසේම අනෙකුත් ගාස්තු 15%කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරා දා දිනයේ භාරදුන් යෝජනාවලිය මඟ්නි ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් 7.5%ත් 10%ත් අතර අගයකින් අනෙකුත් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යි මේ වනවිට එකඟතාවකට පැමිණ ඇත්තේ. 

මේ අතර, බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම හෙට සිට සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ධාවනය වන බස් රථයක් යොදාගෙන සිදු කිරීමට යි තීරණය කර ඇත්තේ. එහි දී අදාළ බස් රථවල ආසන ගණනට පමණක් මඟීන් රැගෙන යන අතර පිටුපස දොරටුව වසා තැබෙනවා. 

බස් රථයට ඇතුළු වීමට සහ පිට වීමට ඉදිරිපස දොරටුව පමණක් භාවිත කෙරෙන අතර, එම දොරටුව අසල පෙර ගෙවුම් කාඩ්පත්වලින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍ර සවි කර ඇති බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40