ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය වන ආකාරය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.
එහි දී බොහෝ දුරට අවම බස් ගාස්තුව රුපියල් 2කින් ඉහළ යනු ඇති. ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඒ අනුව රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16ක් දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂිත යි. එසේම අනෙකුත් ගාස්තු 15%කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරා දා දිනයේ භාරදුන් යෝජනාවලිය මඟ්නි ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් 7.5%ත් 10%ත් අතර අගයකින් අනෙකුත් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යි මේ වනවිට එකඟතාවකට පැමිණ ඇත්තේ.
මේ අතර, බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම හෙට සිට සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ධාවනය වන බස් රථයක් යොදාගෙන සිදු කිරීමට යි තීරණය කර ඇත්තේ. එහි දී අදාළ බස් රථවල ආසන ගණනට පමණක් මඟීන් රැගෙන යන අතර පිටුපස දොරටුව වසා තැබෙනවා.
බස් රථයට ඇතුළු වීමට සහ පිට වීමට ඉදිරිපස දොරටුව පමණක් භාවිත කෙරෙන අතර, එම දොරටුව අසල පෙර ගෙවුම් කාඩ්පත්වලින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍ර සවි කර ඇති බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා