බස්නාහිර සහ සබරගමුවට අද මිලි මීටර් 50ට වැඩි වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතිනවා.

අද (31) දින දහවල් 12:10ට රඹෑව, තෝපූර් සහ මහවිලච්චිය ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03