බලංගොඩ කම්පා කළ, සිසුවියගේ මර,ණය ගැන අලුත්ම සැකයක්, අම්මා මාධ්‍යයට කියපු කතාව මෙන්න

බලන්ගොඩ, තන්ජන්තැන්න විදුහලේ 11 වසර පාසල් සිසුවියක් පසුගිය(30)දා වලවේ ගෙඟ් දියේ ගිලී මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් සිසුන් කැටුව ගිය එම විදුහලේ පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා ඊයේ(01දා) නියෝග කළා.

ජී.එම්. නිරෝෂිකා කුමාරි (අවු16) නැමැති මියගිය සිසුවිය එම පාසලේ තවත් සිසුසිසුවියන් දොළොස් දෙනෙකු සමඟ කල්තොට ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබෙනවා..

එහෙත් මේ සඳහා විදුහලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නිසි අවසරයක් ගෙන නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වුණා.

මෙම සිසුවියගේ මරණය පිළිබඳව සැකයක් ඇති බව එම සිසුවියගේ මව පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබූ අතර ඒඅනුව පොලිසිය විසින් බලන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම පෙබරවාරි 01 වැනි දිනට කල් දැමීමට අධිකරණය නියෝග කර තිබුණා.

පරීක්ෂණ මෙහෙයවන කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තරංග හපුගස්වත්ත මහතා ප‍්‍රකාශ කළේ සිසුන්ගේ ප‍්‍රකාශවලින් දියේ ගිලීම සිදු වූ බවට සඳහන් වුවත් එම සිසුවිගේ මව සහ පියා ඊට එකග නොවීම එම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට හේතු වූ බවයි. මෙයට විරෝධය දක්වමින් සිසුවියගේ පියා කල්තොට පොලිසිය ඉදිරිපිට ගසකටද නැග සිටි බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09