බඹර ප්‍රහාරයකින් විදුහලක සිසු සිසුවියන් සිව්දෙනෙකුට තුවාල (වීඩියෝ)

නොර්වුඩ් එල්බොඩ ද්‍රවිඩ විදුහලට එල්ලවු බඹර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ 02 වන දින පාසල පැවැත්වෙන කාලය තුළදි පාසල අසල ගසක බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් විසින් පහර දීමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනකු හා එක් සිසුවකු තුවාල ලබා ඇති බවත්ය.

විද්‍යාලය අද (02) දින තාවකාලිකව වසා දැමු බව විදුහලේ විදුහල්පතිවරයා පැවසුවා.

එසේ තුවාල ලැබු එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගත් බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.

මේ පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම සිසුන් රෝහලේ නේවාසිවක ප්‍රථිකාර ලබන බවත්ය.

පාසල අසල බැඳ ඇති බඹර කුඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසට හැටන් කලාප අධයාපන කාර්යාලයේ නිලධාරින්ව දැනුවත් කර තිබුණද එම බඹර කුඩුව ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකිරිමට උරණ වු වතු කම්කරුවන් පාසල අසල ගසක බැද තිබු බඹර කුඩුව ගිනි තබා විනාශ කිරිමට කටයුතු කර තිබෙනවා

එම වතුයායේ තවත් ස්ථාන කිහිපයකම බඹරුන් කුඩු බැද ඇති බවත්, පවතින කාලගුණයත් සමග බඹරුන් නිරන්තරයෙන් ඇවිස්සි පාසල් ළමුන්ට සහ තේ වත්තේ වැඩ කරන වතු කම්කරුවන්ට පහර දෙන බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

07
https://www.youtube.com/watch?v=xlbZe2r0Vv4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16