spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදුරලියේ වෙඩි තැබීමක් – ‘රෝස බට්ටා’ අත්අඩංගුවට

බදුරලිය, ලත්පදුර ප්‍රදේශයේ ඊයේ (20) මධ්‍යයම රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් බදුරලිය, මිදලන ප්‍රදේශයේ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති තුවාලකරුගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

වෙඩිතැබිම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, වෙඩි තැබීමට පැමිණි සැකකරු ගිනිඅවිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලත්පදුර ප්‍රදේශයේ පදිංචි ‘රෝස බට්ටා’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?