පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීමේ කිසිදු තීරණයක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින්.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය පනතට සහ ආනයන අපනයන පාලන පනතට සංශෝධන ගෙන ඒමට කටයුතු කළ බවයි.

මේ අතර පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා 2023 වසර අවසන් වනවිට ඉවත් කිරීමට අදහස් කරන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ සඳහන් කළේ.

එම අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කළේ ඊයේ (05) රජයේ මුදල් පිළිබද කාරක සභාවට එක්වෙමින්.

වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබද කාරක සභාව විමසූ අවස්ථාවේ දී එම නිලධාරීන් මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45