spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීමේ කිසිදු තීරණයක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින්.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය පනතට සහ ආනයන අපනයන පාලන පනතට සංශෝධන ගෙන ඒමට කටයුතු කළ බවයි.

මේ අතර පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා 2023 වසර අවසන් වනවිට ඉවත් කිරීමට අදහස් කරන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ සඳහන් කළේ.

එම අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කළේ ඊයේ (05) රජයේ මුදල් පිළිබද කාරක සභාවට එක්වෙමින්.

වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබද කාරක සභාව විමසූ අවස්ථාවේ දී එම නිලධාරීන් මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?