පෞද්ගලික රෝහලක වකුගඩු බද්ධ කිරීම අත්හිටුවීම ගැන අධිකරණයේ වාද විවාද

වකුගඩු බද්ධ කිරීම් සැත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු අවසන් වන තුරු බොරැල්ල, වෙස්ටර්න් රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම අත්හිටුවන ලෙස දන්වා සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තම රෝහල වෙත නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල, වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන්ට වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතායි මේ බව කියා සිටියේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ රෝහලට වකුගඩු බද්ධ කිරිම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවයි.

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තුරු අදාළ රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස එම කමිටුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියා.

අවයව බද්ධ කිරීම සඳහා රෝහලට ලබාදී තිබු අනුමැතිය ඉකුත් දෙසැම්බර් මස 31 වනදා අවසන් වී ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම්දුන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා තිබෙන අවයව බද්ධ කිරීමේ සැත්කම් තහනම නිසා තම සේවාදායකයන්ට රෝහල් සේවකයින්ට වැටුප් ගෙවීම පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජිතයෙකුගේ අධික්ෂණය යටතේ අදාළ අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු කියාසිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වනදා පැවැත්වීමටයි දින නියම කළේ.

මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද වරින් වර සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48