spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොර ඕන නම් ලියාපදිංචි වෙන ලෙස දැනුම් දීමක්

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර තිබේ.

ලියාපදිංචිය මාර්ගගත (online) ක්‍රමයට පමණක් සිදුකරන බැවින් www.agrarian.lk වෙබ් අඩවියට පිවිස සිය තොරතුරු ඇතුලත් කර ලියාපදිංචි විය යුතුය. බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර අවශ්‍ය නම් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.

2022.08.15 සිට 2022.08.31 අතර කාලය ගොවීන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව වෙන්කර ඇත. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේදී යම් ගැටළුවක් පැන නැගුනහොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හෝ තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරියකුගේ සහය ලබා ගත හැකි බව වැඩි දුරටත් ඔහු දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?