පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සංවර්ධන නිලධාරීනියකට අත ඔසවයි

අද (13) උදෑසන බාදුරාගොඩ සිපෙට්කෝ පිරවුම්හලක QR කේත පරීක්ෂාවේ නියුතුව සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරීනියකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදී ඇත.

සැකකරු දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුයි.