පොලිසියේ නිලධාරියෙක් සිංහල චාරිත්‍රානුකූලව අධිකරණයේ දී වැඳ සමාව ගනී

පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා අද (01) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් කොල්ලුපිටිය පොලිසියට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විනිසුරුවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදු කළ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා,

“දවසක් මම ඇවිදින්න ගියා. ඒ අවස්ථාවේ දී වැල්ලවත්ත ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු මාව නැවැත්තුවා. කවුද කියලා ඇහුවා. මම හැදුනුම්පත පෙන්වා සිටියා. ඒ අවස්ථාවේ දී හැඳුනුම්පත බලා ඒ නිලධාරියා මට කිව්වා ඉන්න කියලා. පස්සේ මම ස්ථානයේ ඉඳලා පොලිස්පතිවරයාට කතා කළා. පසුව පොලිස්පතිවරයා ඒ නිලධාරියාට ඇමතුමක් දුන්නා. පසුව ඒ නිලධාරියා පොලිස්පතිවරයාගෙන් ඇහුවා ඔබ කවුද? කියලා. පොලිස්පතිවරයාගෙන් පවා ඔබ කවුද කියලා අහන නිලධාරීන් ඉන්න ආයතනයක් මේක. පසුව මට යන්න කිව්වා. එහෙත් මම ගියේ නෑ. පසුව ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා පැමිණ මට කතා කරලා සිද්ධිය ගැන කණගාටුව පළ කළා. අභියාචනාධිකරණ විනිශ්චකාරවරයෙක් වන මටත් මෙහෙම සිද්ධියකට මුහුණ දෙන්න වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?”

යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා පොලිසියට පාතාලය මෙන් හැසිරීමට නොහැකි බවත් පොලිසිය අද පත් වී තිබෙන තත්ත්වය ගැන තරහක් නොව කණගාටුවට පත්වන බවත් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ තම ආයතනයේ විනය පරීක්‍ෂණයක් පැවති අතර එහිදී පුද්ගලයෙකු රඳවාගෙන සිටින බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කරමින් වග උත්තරකාර කොල්ලුපිටියේ පොලිසිය නිලධාරීන් ආයුධ සන්නද්ධව එම ස්ථානයට කඩා වැදුණු බවයි.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින් කළහකාරී ආකාරයෙන් හැසිරීම නිසා ආයතනික කටයුතුවලට බාධා සිදුවූ බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ සමාගම විසින් අධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගමේ අදාළ විනය පරීක්ෂණයට සම්බන්ධ වූ නීතිඥවරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර කොල්ලුපිටිය පොලිසිය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ, අවස්ථාවේ දී පෙත්සම්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම පෙත්සම සමථයකට පත්කර ගැනීමට සූදානම් බවයි.

ඒ, අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියා විසින් සිංහල චාරිත්‍රානුකූලව පෙත්සම්කාර පාර්ශවයේ නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ වැඳ සමාව ගත් අතර ඉන් පසුව නඩු විභාගය අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කලා.

මින් මතුවට මෙවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙස වගඋත්තරකාර උප පොලිස් පරීක්ෂකවරයාට තරයේ අවවාද කළ විනිසුරු මඩුල්ල අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙසත් නියෝග කළා.

මෙහිදී පැමිණිල්ලිකාර සමාගම වෙනුවෙන් චන්ද්‍ර කුමාර ද සිල්වා , රන්මලී මීපාගල යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11