පොලිසියට පහරදී පළාගිය සොහොයුරන් අල්ලන්න මෙහෙයුම්

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කළ කාන්තවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) උදෑසන කපුගොල්ලෑව අලියාකඩ ප්‍රදේශයේ නිවසකට විමර්ශනයකට ගිය පොලිස් නිලධාරියෙකු නිවසේ තිබෙන කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කිරීම හේතුවෙන් එම නිවසේ සිටි තරුණයෙකු නිලධාරියාට පහරදී ඇති බවටයි වාර්තා වන්නේ.

කපුගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයකුට පහර දුන් බව කියන මෙම සැකකරුවන් එකම පවුලේ 19 තරුණයෙක් ඇතුළු සහෝදරයන් තිදෙනකු බව සඳහන්.

මෙම සිදුවීමෙන් අනතුරුව සැකකාර සහෝදරයන් තුන්දෙනා ප්‍රදේශය අතහැර පළා ගොස් සිටින බවයි වාර්තා වන්නේ.

එම පහරදීමේ සිද්ධියට අනුබල දුන් සහ අයුතු ජන රාශිය යන චෝදනා යටතේ අලියාකඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කපුගොල්ලෑව පොලිසිය ප්‍රකාශ කළා.

ඉන් අවුරුදු 21 23 සහ 24 වයස්වල පසුවන තරුණයන් තුන්දෙනෙකු අද පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අද අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ ප්‍රධාන සැකකරුවන් වන සහෝදරයන් තුන්දෙනා විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවතින පිරිසක් බව සඳහන්.

19 හැවිරිදි සැකකරු ගංජා ළග තබා ගැනීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අයෙක් වන අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයෙක් නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අවස්ථා 5කදී අධිකරණයේ නඩු පවරා ඇති අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

පසුගියදා කපුගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති කැසට් යන්ත්‍රය මගින් නිකුත් වන අධික ශබ්දය දරා ගැනීමට නොහැකි බවත් මේ හේතුවෙන් විහාරස්ථානයේ ආගමික කටයුතුවලට පවා මහත් බාධාවක් සිදු වී තිබෙන බව පවසමින් ඒ අසල පදිංචි පිරිසක් කපුගොල්ලෑව පොලිසියට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.

පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ගොස් කැසට් යන්ත්‍රයේ ශබ්දය අඩු කරන ලෙස 19 හැවිරිදි තරුණයාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු එම පොලිස් සැරයන්වරයාට පහර දීමක් සිදු කර ඇතැයි සඳහන්.

මෙම පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ තොල් පුපුරා තුවාල සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීම පහරකෑමට ලක් වූ නිලධාරියා සිදුවීම පිළිබඳව කපුගොල්ලෑව පොලිසියට දැනුම් දී ඇති අතර එම දැනුවත් කිරීමට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා නිවස වෙත එමින් සිටියදී අදාළ තරුණයාගේ සහෝදරයන් දෙදෙනා පොලිස් ස්ථානාධිපතිවරයාට පොලුවලින් පහරදී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම ස්ථානයට තවත් පිරිසක් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කළ පිරිස සමග එක්වී කලහකාරීව හැසිරී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලබූ පොලිස් නිලධාරින් කපුගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46