පොලිසියටත් කොකා පෙන්වා උඩු ගුවනේ සෙල්ලම් දැමූ තරුණයා අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස්කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොතටුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මඟින් නිකුත් කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර මෙලෙස ඩ්‍රෝනා යානාවක් ගුවන් ගතකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඩ්‍රෝන යානාව ගුවන්ගත කළ අවස්ථාවක පොලීසිය මෙම තරුණයාගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය ද නොමඟ යවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?