spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සැරයන් 20,000ක අල්ලසක් ගනිද්දී මාට්ටු

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට සහයෝගය දැක්විම පිණිස පැමිණිලි පාර්ශවයෙන් රු 20000 අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුව අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ අස්ථානගත වු ණය කාඩ් පතක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු සැකකරුවෙකුට නිතිය තදින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු කරන බව පවසා පැමිණි පාර්ශවයෙන් රු 50000 මුදලක් අල්ලස් වශයෙන් සැකකාර සැරයන්වරයා ඉල්ලා ඇති අතර , ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය විසින් අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයට කරන ලද පැමිණිල්ලක්  මත සැරයන්වරයා ඉල්ලා සිටි අල්ලස් මුදලින් රු 20000 මුදලක් ඔහුට ලබාදෙන අවස්තාවේ අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?