පොලිස් සැරයන්ට මහ මඟදී එල්ල වූ ප්‍රහාරය (ඡායාරූප)

පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහර දී පලාගිය පුවතක් මිහින්තලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙකු විසින් මෙලෙස පහර දී ඇත්තේ, මිහින්තලේ – කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුට බවයි වාර්තා වුණේ.

අදාළ පොලිස් සැරයන්වරයා මිහින්තලයට පැමිණ ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි කරුවලගස්වැව විහාරස්ථානයේ ඉදිරිපිට ඇති වෙළෙඳසැලකට ගිය අවස්ථාවේ මෙම පහර කෑමට ලක්ව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී ඒ අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයකු එම පහරදීම නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී අදාළ පොලිස් සැරයන්වරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන නිල් පැහැති
ටී-ෂටයකින් සැරසී සිට ඇති අතර, මෙලෙස පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියාට මිහින්තලය පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් සිදුකරන ලෙසට දැනුම් දී ඇති නමුත් මෙතෙක් ඔහු ඒ සඳහා නො පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

1 3
2 1
3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11